නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බ/කැන්දගොල්ල ද්විතීයික විද්‍යාලය

වසර 88 ක අභිමානනීය ඉතිතාසයක් සමගින් විශිෂ්ඨ ගමනක යෙදී සිටින අප පාසල ඌව පලාතේ දීප්තිමත් පාසලකි.
"කිසිවෙකුට නොදෙවෙනි පිරිපුන් දරුවන් තැනීම" නම් උදාරතර අප දැක්ම කරා යමින් ශාස්ත්‍රීය අංශයෙන් පමනක් නොව සංගීත ,නර්තන හා ක්‍රීඩා යන අංශ වලින් කළාප,පළාත්ජා හා ජාතික තලයේ ප්‍රථමයන් රැසක් බිහි කර ඇත.ඔවුන් අද මෙන්ම හෙටත් ලෝකය සිසාරා පාසලටත් රටටත් ඉමහත් කීර්තියක් ගෙනෙනු ඇත.
තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයෙන්ද සුවිශේෂී දක්ෂතා පෙන්වන අප දරුවන්ගේ දක්ෂතා ලෝකය හමුවේ ගෙන ඒමටත් ඔවුන්ගේ දක්ෂතා සංවර්ධනය කර ගැනීමට සියලු පාර්ශවයන්ගේ සහය ලබාගෙන නිර්මානය කරනු ලබන මෙම වෙබ් අඩවිය මහෝපකාරී වනු ඇතැයි සිතමි. තවද පාසල හා සබැඳි සියළු පාර්ශවයන්ට අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ ඉදිරි ගමනට දිරියක් වන ලෙස ඇරයුම් කරමි.
මෙම කාර්ය සාර්ථකව කරගැනීමට කැප වූ විෂය භාර අඛිල සඳරුවන් ගුරුතුමා ප්‍රදාන සැමට ස්තූතිය පිරි නමන අතර හෙට ලොව දිනුමට වෙර දරන දයාබර දරුදැරියන්ට මෙය මහගු පිටුවහලක් වෙතැයි සිතමි.
S.W.A.A.S.වික්‍රම ආරච්චි
නියෝජ්‍ය විදුහල්පති,
බ/කැන්දගොල්ල ද්විතියික විද්‍යාලය.