නමදිමු පායුග අදරින බැතියෙන්
සදා සිරස නමමිනා//
කැන්දගොල්ල විදු මවුනි ඔබට වේ
අපගේ බැති ගීතා
සිහිල් සුළං රැළි නිතර හමන්නේ
දිය ඇලි ගංගා සිසිල් ගෙනෙන්නේ
ගස්වැල් තුරුලේ නැලවෙන මව්නි
ඔබ වේ අපගේ නැණ පාදන්නී
ඔබ වේ මව්නි සදා
ඔබටයි බැති ගීතා
අප හද තුළ රැඳී බැති මල් ගීතා
ඔබටයි මව්නි සදා //
සොඳුරු අසිරි සිරි බිමක රැඳීලා
මල් වැනි දරුවන් තුරුලෙ රදාලා
විද්‍යා ශිල්ප කලා රස ගෙන දේ
යහගුන පිලිවෙත් තුරුලට ගෙනදෙන
ඔබ වේ මවුනි සදා
ඔබටයි බැති ගීතා
අප හද තුල රැදි බැතිමල් ගීතා
ඔබටයි මවුනි සදා ///